ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ? ලෝක බලවතාගේ රහස් රකින අභිරහස් ස්ථානය “ඒරියා 51” ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒරියා 51 ගැන එක එක්කෙනාට විවිධ මත තියෙනවා. ඒ කිට්ටුව ජීවත් වෙන මිනිස්සු දැක්කයි කියන දේවල්, ඒකෙ වැඩ කරපු අය දැක්කයි කියන දේවල් වගේම ඒරියා 51 තියෙන්නෙ කොහෙදවත් නොදැන ඒ ගැන හැමදේම දන්නව වගේ කතා කරන අය කියන දේවලුත් ගොඩක් තියෙනවා. කොහොම ගත්තත් ඒරියා 51 කියන්නෙ ඇත්තටම කොහොම තැනක්ද කියල දන්නෙ ඒකෙ ඉන්න අයම තමා. අපිට පුළුවන් වෙන්නෙ එක එක දේවල් එහෙම වෙන්න ඇති කියල හිතන්න විතරයි. මේ සමහර දේවල් ඔයාල අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් වෙනස් මාතෘකාවක් ගැන දැනගන්න කැමති අයටයි මේ ලිපිය. 1. මොකද්ද මේ ඒරියා 51 කියන්නෙ? මේක ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන 1955දි ගොඩනගපු ගුවන් හමුදා කඳවුරක්. මේක ඇමරිකාවේ රහස් කඳවුරක් විදියට තමයි තියෙන්නෙ. අඩුම තරමෙ මේ ඒරියා එකට උඩින් ගුවන් යානයකටවත් පියාසර කරන්න බෑ. ඒ තරම් රහසිගත සහ ආරක්ෂිත ස්ථානයක්. මේකට සේවකයින්, විද්‍යාඥයින් බඳවගන්නව කියන්නෙත් බොහොම පරිස්සමෙන්. සෑහෙන කාලයක් රහස්‍යභාවය උපරිමයෙන්ම රැකගෙන ආපු ඇමරිකාවේ තියන අති ප්‍රබල ඔත්තු සැපයීමේ හා ...
👉The only knowledge market around the world 👉Like today and join our page 👉You are not late yet. Join us soon. We have special things for you 👉Join today and understand the difference